මහත් වෙන්න ලේසිම විදි 3 ක්..

හානේ ඔයා තව කෙට්ටු වෙලා.. දැන් කොටුව වගේ. නූලක් දාලා උඩ යවන්න පුළුවන්.. මේ වගේ කුජීත කථා අහලා එපා වෙලාද? ඔය කථා කියන කට්ටියගේ ගෙවල් වල කට්ටියව මතක් වෙනවාද? එහෙනම් පල්ලෙහා තියෙන වැඩ ටිකක් කරලා බලමුද ? මහත් වෙනවා කියන එක කෙට්ටු වෙනවාට වැඩිය ලේසී..වැඩේ එච්චරම ගේමක් නෑ. ඉක්මනට කර ගන්න පුලුවන් හැබැයි හොදට මතක තියාගන්න ඔයා මේක කරන්න එක වේලට තලගොයා වගේ වේලවල් 3 ක කෑම කාලා හරියන්නේ නෑ.

හරි කොහොමද වැඩේ වෙන්නේ.

1. කාපන්.. දවසට වේල් 5 - 6 ක් අතර ගානක්..

ඔව් ඔව් සීනීයි පිටියි කාපන් එතකොට හරියයි. එහෙම නෙමේ. පුළුවන් තරම් කන්න චීස්, කඩල, කජු, අලිගැට පේර වගේ අයිටම් ටිකක් මුලික වේලවල් 3ට අමතරව කන්න. කොත්තුයි රයිස් කැවොත් සුදු ඊට පස්සේ ආපහු මම දාලා තියෙන කෙට්ටු වෙන විදිය ගැන කියවන්න වෙයි.

2. ටිකක් රෑ වෙලා කෑම කන්න.

රීසර්ච් එකකින් හොයාගෙන තියෙනවා අපි කෑම කන වෙලාව අනුව කෑම ජීර්ණය වෙන ආකාරය පිළිබ‍දව. ඒකෙදි කියනවා අපි කන වෙලාව පරක්කු වෙන තරමට ඔයා මහත්වෙන්න ඒක බලපානවා කියලා.

3.ව්‍යායාම

ජිම් එකට යන්න. තමන්ට තනියෙන් උස්සන්න පුළුවන් උපරිම බර දාලා ගහන්න. සප් එකක් නැතුව. එහෙමයි කියලා පුලුවන් ගාණ මාස 6 ක් විතර කිලෝ 40 ක් ගගහා ඉන්න එපා. මාත් එහෙම කළා. නමුත් අපේ හිතේ තියෙන බයට තමා අපි වැඩි බරක් උස්සන්න යන්නේ නැත්තේ. ඔයා අන්තිමට ගැහුවේ කිලෝ 40 නම් බය නැතුව 45 - 50 ට යන්න. ඔයා 40 න් ගහන්නේ 12ක් නම් 50 න් 6 ක් ගහන්න. කමක් නෑ. එහෙම එක දිගට වේට් එක වැඩි කරන්න. කවදාවත් සෙට්ල් වෙන්න එපා. වේට් එකත් වැඩි කරලා රෙප් ගානත් වැඩි කරන්න එපා. එහෙම වුනොත් කැලරි ගොඩක් බර්න් වෙනවා. එතකොට නඩුව.

කොහොමහරි උඩ තියෙන විදි ටිකක් උත්සහ කරලා වෙනසක් අවොත් කඩවත හන්දියේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.






Comments

Popular posts from this blog

උස යන්න ඕනේද?

Yamaha FZ 16 (2014) Model Review..!!!