උස යන්න ඕනේද?

1. නින්ද අනිවාර්යයි.

උදේට වැඩට ගිහින් පීසී එක ඔබලා වැඩ කරලා හවස ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා රෑ 12 විතර වෙනකම් ඇහැරිලා ඉන්නවානම් ඒක ලොකු පුශ්ණයක්. අලුත්ම රිසර්ච් වලට අනුව ඔයා අඩුම ගානේ පැය 8 ක් වත් නිදා ගන්න ඕනේ. මොකද අපේ ඇස් වලට මොලේට ඇගේ ඇතුලේ තියෙන හැම දේකටම ඇග ඇතුලේ තියෙන හැම දේකටම විවේකයක් ලැබෙන්නේ ඔයා නිදාගන්න වෙලාවට. සෝ නින්ද අනිවාර්යයි.

2. විටමින් ඩී

අස්ථි වර්ධනයට අවශ්‍ය එක් සංඝටකයක් තමයි විටමින් ඩී. විටමින් ඩී අපිට ලේසියෙන්ම ලබා ගන්න පුලුවන් මාලු, හත=, බිත්තර, මස් සහ උදේට ලැබෙන හිරි එළියෙන්.

3. කැල්සියම්

අනිත් අත්‍යාවශයම සංඝටකය කැල්සියම්. ලේසියෙන්ම ක්ලෝගාඩ් එකක් කෑවනම් හරි. රෙද්ද තමයි. චීස්, හාල්මැස්සෝ, සෝයා, සැමන් මාළු වල කැල්සියම් ගොඩක් අඩංගු වෙනවා.

4. ව්‍යායාම.

ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි ව්‍යායාම. බාර් ගහන එකත් හොදයි. ඔයාට පීනන්න පුළුවන්නම් උස යන එක හුගක් ලේසි වෙයි. මොකද පිනද්දි ඇගේ හුගක් මාංශපේෂි අස්ථි ඇදීමකට ලක් වෙනවා. ඒකෙන් උස යන එකට හුගක් බලපානවා. ස්කිපින් රෝප් එකත් ගොඩක් ඉෆෙක්ටිව්.

5. වතුර

වතුර කියන්නේ ඔයාගේ ඇගේ හැම දේකටම බලපාන දෙයක්. වතුර බොන එක ගැන අමුතුවෙන් කියන්නේ නෑ. හැබැයි පුලුවන් හැම වෙලාවෙම වතුර බොන්න. නිකන් ටැප් එකේ එන ඒවා බොන්න බැරි නම් කඩෙන් සල්ලි දීලා අරන් බීපන්.

උස යන්න මේ ඔක්කොම හරි ටිකක් හරි උත්සහ කරලා බලන්න. එකක්වත් කරා කියලා අමුතුවෙන් දෙයක් නැති වෙන්නේ නෑ. මයිට් ඇස් වෙල් රයිට්..!!!

තව කොට උනොත් හරි උස ගියොත් හරි කමෙන්ට් එකක් දාලා මාව අප්ඩේට් කරන්නත් අමතක කරන්න එපා.

Comments

Post a Comment

Popular posts from this blog

මහත් වෙන්න ලේසිම විදි 3 ක්..

Yamaha FZ 16 (2014) Model Review..!!!