සිගරට් බොන එක සම්පුර්ණයෙන්ම නවත්තන්න පුලුවන්ද?

දැන් ලංකාවේ ඉන්න හුගක් අය සිගරට් බොනවා. ඇයි කියලා ඇහුවොත් එක එක හේතු ඇති, සීතලට, ආතල් එකට, එකක් දැම්මම විතරයි අනන් මනා කථා ගොඩයි. මේ ලියන මමත් සිගරට් බිව්වා. නමුත් දැන් නවත්තලා තියෙන්නේ. අපි හැමෝම ජීවිතේට අත්දැකීම් අරන් තියෙන්න ඕනේ. නමුත් ඕනවට වඩා වැඩියෙන් ඕනම දෙයක් ඕනේම නෑ කියනවානේ.

හරි කොහොමද වැඩේ වෙන්නේ.

1. සිගරට් පැකට් ගන්න එක නවත්තන්න.

පළවෙනි එක හිතන්න ඔයා සිගරට් බොන කෙනෙක්නම් ඔයා ඔෆිස් එකක වැඩ කරනවා නම් උදේ වැඩට යද්දිම සිගරට් අරගෙන වැඩට යන්නේ. ඇයි.. සිගරට් එකක් ගන්න ආපහු කඩේට යන්න කම්මැලි නිසා. උදේ අරන් තියා ගත්තම ඔනේ වෙලාවට එළියට ගියා ගැහුවා.. සිම්පල්.. අන්න ඔතනින් පටන් ගන්න. හිතන්න සිගරට් වෙනදට ගන්නේ 4 ක් නම් දැන් 2 ක් ගන්න. දැන් වෙනදාට වගේ අතේ 4ක් නෑ. කඩේට යන්න ඕනේ කම්මැලියි අන්න ඒ වගේ හැගීමක් ඔයාගේ හිතට ආවෙත් ඔයා ඉන්නේ හරි ලයින් එකේ. එකපාරම නවත්තන්න අමාරැයි. හැබැයි බැරි නෑ, කරපු අය ඕනේ තරම් ඉන්නවා. හිතන්න තව කෙනෙක්ට කරන්න පුළුවන්නම් ඇයි ඔයා ට බැරි?

2. හැමතිස්සෙම සාක්කුවේ ටොපි, සීනී රහිත චොකලට්, බබල්ගම් කීපයක් තියාගන්න.

මොකද හිතලා බලන්න අපි මොනා හරි කකා ඉද්දි එවෙලේ අපිට සිගරට් එකක් ගහන්න හිතෙනවාද නෑ, මෙහෙයි සමහර අයට හිතෙන්න පුළුවන්. නමුත් බහුතරයකට කකා ඉද්දි එහෙම හිතෙන්නේ නෑනේ. පුළුවන් හැම වෙලාවෙම ඔය පොඩි අයිටම් ටිකක් ලග තියාගන්න. කම්මැලි හිතුනම, වැඩ ගොඩ ගැහුනම එකක් අරන් කටේ දාගන්න.
සිගරට් එක බොන්න යන්න තියෙන විනාඩි 5 හේ කම්පියුටරේ පොඩි ෆලෑෂ් ගේම් එකක් දා ගන්න.

3. ආතල් ගේම් ඕන තරම් තියෙනවා ඉන්ටර්නෙට් එකේ.

සිගරට් එකක් ගහන්න හිතුන ගමන් ඉක්මනට ප්ලේ කරන්න පටන් ගන්න. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නෑ. සයිට් එකට ගියා ප්ලේ කලා. හැබැයි මේකත් ටිකක් ඇබ්බැහි වෙන සුළුයි. නමුත් සිගරට් එකට වඩා හොදයි. මමත් මේක කලා පට්ට ඉෆෙක්ටිව්. කරලා බලන්න. හැම එකකටම සීමාවක් තියාගන්නත් මතක තියා ගන්න.

නවත්තන්න එපා.

සිගරට් බොන කාටවත් මේක ලේසි විදියක් නෙමේ. හැබැයි අපි හැමෝටම කරන්න බැරි වැඩකුත් නෙමේ. කට්ට කාපන්. කට්ට කාලා දෙයක් ගොඩ දැම්මට තියෙන ෆීලීන් එක දැනගන්න එහෙම දෙයක් කරලා තියෙන්න ඕනේ. දැන් ටිකක් හිතපන්. මෙච්චර කල් බ්ව්වනේ.. ගෙදර මිනිස්සු ගැන හිතපන්.. ගෑනියෙක් ඉන්නවා නම් ගෑනි ළමයි ගැන හිතපන්.. උඹට පුළුවන්...!!!

Comments

Popular posts from this blog

මහත් වෙන්න ලේසිම විදි 3 ක්..

උස යන්න ඕනේද?

Yamaha FZ 16 (2014) Model Review..!!!