අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පොඩි සයිට් එකක්...

මුලින්ම කියන්නේ ඉන්ටර්නෙට් මනි කාලා තියෙන අයට අනේ දෙයියෝ මේක පොඩි දෙයක් නොදන්න අයට කියලා දෙන්නේ. මම කරලා තියෙනවා. ඩොලර් 6 ක් වගේ හොයලා තියෙනවා හැබැයි දැන්නම් කරන්නේ නෑ. මොකද ඇත්තටම වෙලාවක් නෑ.

සයිට් එකේ නම MICROWORKERS

කරන්න තියනේනේ හෙන පොඩි වැඩ. ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ මුලින්ම... ඩහ්...  ජීමේල් එකවුන්ට් එකක් හදලා දෙන්න. එයාගේ බඩුවක් ඇමසන් එකේ සර්ච් කරන්න වගේ පොඩි වැඩ තියෙන්නේ.

සාමාන්‍යයෙන් විනාඩි 3 ක ටාස්ක් එකකට ඒගොල්ලෝ ඩොලර් සත 12 ක් වගේ ගෙවනවා. මේ සයිට් එකේ වැඩ කරලා කාර් වෑන් ගන්න හිතන් ඉන්නවානම් අනේ අම්මේ මෙතනින්ම නවත්තන්න. මෙකෙන් එච්චර ලොකු ආදායමක් ගන්න බෑ. හැබැයි මහන්සි වුනොත් මාසෙකට රැ. 25000ක් වගේ ගානක් හොයන්න බැරිත් නෑ.

මම කිව්වට කරන්න එපා. මුලින්ම සයිට් එකේ රිවීව්ස් කියවලා බලන්න. කව්රැත් කියපු ගමන් දේවල් කරන්න එපා. ඔයා ඉස්සෙල්ලා හොයලා බලන්න. වැඩේ ලෙජිට් වගේ නම් කරලා බලන්න. මොකද නැති වෙන්න දෙයක් නෑ නේ.

මේක දාලා රෙෆරල් ලින්ක්ස් වලින් ආදායම් හොයන්න උත්සහ කරන්නේ නෑ මන්. අඩුම ගානේ වෙබ් සයිට් එකේ ලිනික් එකවත් දාලා නෑ මන්. ගුගල් කරලා සයිට් එකක් හොයා ගන්න එක අපි හැමෝටම පට්ට ලේසි වැඩක්. උත්සහ කරලා බලන්න. සෙට්ල් වෙන්න එපා ජීවිතේ මොනම දේකදීවත්..

Comments

Popular posts from this blog

මහත් වෙන්න ලේසිම විදි 3 ක්..

උස යන්න ඕනේද?

Yamaha FZ 16 (2014) Model Review..!!!