Posts

Showing posts from July, 2017

Yamaha FZ 16 (2014) Model Review..!!!

Image
මුලින්ම කියන්න ඕනේ මේක යමහා FZ බයික් එක Promote කරන්න හදන Review එකක් නෙමේ. මට යමහා එකෙන්වත් යමහා ඩීලර් කෙනෙක් ගෙන් වත් සත පහක් හම්බ වෙන්නේ නෑ. මම මේ දාන රිවිව් එක සම්පුර්ණ මම ලබපු අත්දැකීම් එක්ක පදනම් වුන එකක්. මම මේ බයික් එක ගත්තේ 2015 පෙබරවාරි මාසේ. එතකොට මම ගාව තිබ්බා 2014 ටීවීඑස් අපාචේ බයික් එකක්. ලීස් එකක් එක්ක 50000 ට ගත්තේ. මම වාරික 4 ක් ගෙව්වා. 12000 ගානේ. හයිපර් එජ් කියලා එන්නේ. ඒකක්. ගෙදර හදිසියේ ඇති වුන සල්ලි උවමනාවක් නිසා ඒක විකුනලා රැ. 80000කට සල්ලි ටික ගෙදරට දුන්නා. මම ඉන්නේ කඩවත ඒ වෙනකොට වැඩ කලේ නාවල. හිතහන්කෝ බස් එකේ ඔය දුර යන්න සෙට් වුණාම තියෙන සැප. කරන්න දෙයක් නැ. වෙලාවේ හැටියට කරන්න පුලුවන් දේ මම කලා. හරියටම මාසයක් කෑවා කට්ටක් ඇගේ කිලෝ 8 ක් විතර අඩුවෙන්න. හැමදාම ගෙදර එද්දි රැ 10 විතර වෙනවා. බස් නෑ. පයින් කිලෝමිටර 4ක් ඇවිදලා එනවා. පට්ට චාටරයක් කෑවා. ඉතිරි කරපු සතයක් තිබ්බේ නෑ. හැබැයි බයික් එකක් ගන්න ලොකු ඇම්මක් තිබ්බා. කොහොම හරි එක දවසක් ඉක්මන් එකේ ඇඩ් එකක් දැක්කා කිලෝමීටර 8000ක් පැදලා තිබ්බ FZ එකක්. ඒ දවස්වල මගේ හොදම යාලුවා ගාවත් තිබ්බා FZS එකක්. එයත් ලීස් එකක් දා...

පෙනහලු සුද්ද කරගත්තද?

සිගරට් බොන කස්ටිය ඇතුලු අපි හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් මේක. බයිලා වැඩක් නෑ කොහොමද වැඩේ කරන්නේ..  1. කිරි, චීස්, බටර් ඩේරි ආහාර හැම දෙයක්ම නවත්නන්න. එකෙන් අගේ තියෙන ටොක්සින් ටික ඇගෙන් පිටවෙන් උදව් වෙනවා.  2. කොළ පාට තේ... ඔව් ඔව් GREEN ටී තමයි.. නිදා ගන්න කලින් හැමදාම රෑට කොළපාට තේ කෝප්පයක් ගහලා නිදාගන්න.  3. ලෙමන් ගෙඩි  උදේම උණු වතුර කෝප්පයක් අරගෙන 3/4 විතර වතුර පුරවලා ඉතුරැ 1/4 ට ලෙමන් ජූස් ටිකක් දාලා උදේම කුණු කෙලත් එකක්ම ගසන්න. ගස්ලබුත් වැඩේට හරියනවා.. 4. කැරට් කනවාද? කන එකෙන් වැඩක් නෑ. පුලුවන්නම් උදේ කෑමටයි දවල් කෑමටයි කලින් කැරට් ජුස් විදුරැවක් ගහන්න උත්සහ කරන්න. ජීර්ණ පද්ධතියට වගේම පෙනහලු පද්ධතියටත් පට්ට ඉෆෙක්ට් එකක් තියෙනවා. 5. ඉගුරැ.. උදේට ටී එකත් එක්ක හරි කමක් නෑ, තලලා පොඩි කරලා ගසන්න තමයි තියෙන්නේ තේ බොන හැම වෙලාවෙම. පෙනහලු වන තියෙන සෙම දියවෙන්න හොදම හොද අයිටම් එකක් තමයි ඉගුරැ කියන්නේ. ප්ලේන්ටියට තමයි හොදටම සුට් වෙන්නේ. බට් ප්ලේන්ටි ගහන්නේ නැති පොෂ් පීපල්ලට ටී එකත් එක්කත් ගන්න පුළුවන්..  උත්සහ කරලා බලන්න. එ...

ඔයා හරියට ස්කොට්ස් ගහනවාද?

ස්කොට් කියන්නේ ෆුල් බොඩි වර්ක් අවුට් එකක්. ඔයාගේ කකුල් දෙකෙන් තමයි සම්පුර්ණ වේට් එක උඩටයි පහලටයි ගෙනියන්නේ. ඔයාගේ බඩේ තියෙන මසල්ස් ඒ වගේම පහල කොන්දේ තියෙන මාංශපේෂි වලින් තමයි වේට් එක බැලන්ස් කරන්නේ වේට් එක උඩ පහල ගෙනියද්දි.. ඔයාගේ ඉහළ කොන්දේ තියෙන මාංශපේෂි සහ අත් දෙකෙන් කෙරෙන්නේ ඔයාගේ උරහිසේ තියෙන් බාර් එක බැලන්ස් කරන එක. ඇගේ තියෙන හැම මසල් එකක්ම වගේ මේකෙදි වැඩකරනවා. ඒකයි ඒක ෆුල් බොඩි වර්ක්අවුට් එකක් වෙන්නේ. ඔයා හරියට ස්කොට්ස් ගහනවා නම් ඔයාට කවදාවත් ඔයාගේ දණහිස්වල ඒ වගේම පිටකොන්දේ වේදනාවක් ඇති වෙන්නේ නෑ. ස්කොට්ස් ගහන හරි විදියේ වීඩියෝ එකක් පහලින් දාලා තියෙනවා..!!!

ඉක්මනටම බඩ අඩු කර ගන්න ඕනෙද?

බඩ අඩු කරගෙන සික්ස් පැක් හදා ගන්න දැන් ඉන්න හැමෝම කැමතියි. මම දැන් කියන්න යන්නේ සාමාන්‍ය නමුත් ඉෆෙක්ටිව් විදි කිහිපයකින් බඩේ තියෙන මේද කොටස් ටික ඉවත් කර ගන්න ආකාරයක් ගැන කියලා දෙන්න. 1. ක්රන්චස් කරන එක අද ඉදන්ම නවත්තන්න. මොකා? ඔව් මාත් මුලින්ම හිතුවෙ එහෙම තමා. නමුත් ඇත්තටම නවතම පරීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා ඒ ව්‍යායාමයෙන් සිදු වෙන්නේ බඩේ තියෙන මාංශ පේෂි ශක්තිමත් වෙන එක විතරයි කියලා. මේද තට්ටු දහනය වීමක් වෙන්නේ නෑ. සිදු වුනත් ඒක ඉතාමත් පොඩි කොටසක් විතරයි කියලත්. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ඇබ් කරන්චස් ව්‍යායාමය හරහා කොන්දේ සුලු සුලු ආබාධ ඇති වෙන්නත් පුලුවන් කියලා. 2. ශරීරය ශක්තිමත් කරගන්න. ස්කොට්, ඩෙඩ්ලිෆ්ට් වගේ ව්‍යායාම හරහා ඔයාට පුළුවන් උඩ කියලා තියෙන විදියට ශරීරය ශක්තිමත් කර ගන්න. මොකද හොද වේට් එකක් දාලා ඩෙඩ්ලිෆ්ට් එකක්  ස්කොට් එකක් ගහද්දි තියෙන සැප ගහපු එකා දන්නවා. මොකද මේ ව්‍යායම දෙකම ෆුල් බොඩි වර්ක් අවුට් 2 ක්. එහෙමත් නැත්නම් සරලව කිව්වොත් ඔළුවේ ඉදන් කකුල දෙක දක්වා තියෙන හැම මසල් එකක්ම වැඩ කරනවා. හොද වර්ක් අවුට් එකක් හොදට ටෙක්නික් එකත් එකක් සෙල්ලම් කරන්න හොද ඉෆෙක්ට් එකක් ති...