ඉක්මනටම බඩ අඩු කර ගන්න ඕනෙද?

බඩ අඩු කරගෙන සික්ස් පැක් හදා ගන්න දැන් ඉන්න හැමෝම කැමතියි. මම දැන් කියන්න යන්නේ සාමාන්‍ය නමුත් ඉෆෙක්ටිව් විදි කිහිපයකින් බඩේ තියෙන මේද කොටස් ටික ඉවත් කර ගන්න ආකාරයක් ගැන කියලා දෙන්න.

1. ක්රන්චස් කරන එක අද ඉදන්ම නවත්තන්න.

මොකා? ඔව් මාත් මුලින්ම හිතුවෙ එහෙම තමා. නමුත් ඇත්තටම නවතම පරීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා ඒ ව්‍යායාමයෙන් සිදු වෙන්නේ බඩේ තියෙන මාංශ පේෂි ශක්තිමත් වෙන එක විතරයි කියලා. මේද තට්ටු දහනය වීමක් වෙන්නේ නෑ. සිදු වුනත් ඒක ඉතාමත් පොඩි කොටසක් විතරයි කියලත්. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ඇබ් කරන්චස් ව්‍යායාමය හරහා කොන්දේ සුලු සුලු ආබාධ ඇති වෙන්නත් පුලුවන් කියලා.

2. ශරීරය ශක්තිමත් කරගන්න.

ස්කොට්, ඩෙඩ්ලිෆ්ට් වගේ ව්‍යායාම හරහා ඔයාට පුළුවන් උඩ කියලා තියෙන විදියට ශරීරය ශක්තිමත් කර ගන්න. මොකද හොද වේට් එකක් දාලා ඩෙඩ්ලිෆ්ට් එකක්  ස්කොට් එකක් ගහද්දි තියෙන සැප ගහපු එකා දන්නවා. මොකද මේ ව්‍යායම දෙකම ෆුල් බොඩි වර්ක් අවුට් 2 ක්. එහෙමත් නැත්නම් සරලව කිව්වොත් ඔළුවේ ඉදන් කකුල දෙක දක්වා තියෙන හැම මසල් එකක්ම වැඩ කරනවා. හොද වර්ක් අවුට් එකක් හොදට ටෙක්නික් එකත් එකක් සෙල්ලම් කරන්න හොද ඉෆෙක්ට් එකක් තියෙයි. කරලා බලන්න.

3. කෑම

කොත්තුයි ෆයිඩ් රයිසුයි ගිල ගිල බඩ හදාගන්න හිතන්න ඉන්නවා නම් සුදු හිත හදාගනින්.. කරන්නම බැරි වැඩක්.. කඩෙන් කන එක එහෙම්ම අඩු කරපන්. නොකා ඉන්නවා නම් හොදයි කඩෙන්. නමුත් ඉතින් අපිට ඒක අමාරැයිනේ කෑවට කමක් නෑ. පිටි තියෙන කෑම නම් නොකාම ඉන්න ඕනේ. මොකද ලංකාවේ හොද පිටි , හොද එළවලු , හොද මස් වර්ග දාලා කෑම හදන ප්ලේස් ලංකාවේ නැති තරම්. කඩ හිමියා බලන්නේ කොත්තුව උඹට විකුණලා එන රැ.250-300 ගැන විතරයි. උට වැඩක් නෑ පහුවෙනිදා උදේ උඹ විදින දුක ගැන දැනගන්න. වැඩේ කරන්න ඕනෙම නම් පිටි කෑම නවත්තලා එළවලු ටිකක් වැඩිපුර කන්න. පුලුවන් තරම් ගෙදරින්ම කන්න බලන්න. පාරට බැස්සම කොකා කෝල්, ෆැන්ටා ගහන්නම එපා. ඔය බීම එකක තියෙනවා කැලරි අපි ගෙදරින් කන කෑම එකකට වැඩිය.

ටිකක් ආමාරැයි තමයි පුරැදු වෙලා ඉන්නවානම් මේවගේ ඒවට, බට් නවත්තලා බලන්න අඩුම ගානේ සති 2 ක් වත් ඔයාට වෙනසක් තෙරෙයි. මේ එකක්වත් උඹට සල්ලි දීලා කරන්න තියෙන ඒවා නෙමේනේ. නිකන් කරලා බලපන්...

4.ජොයින්ට් එකයි අරක්කුයි...!!!

දැන් ලංකාවේ ජොයින්ට් එකයි අරක්කු ෂොට් එකයි දාන එවුන් නැති තරම්නේ.. :D මම කියන්නේ උඹ බොනවානම් බීපන්.. උඹට මේ වැඩේ කරලා බලන්න ආසයිනම් සති 2 ක් සති 4 ක් උපරිම නවත්තලා බලපන්. අරක්කු කියන්නේ සීනී බෝතල් වගේ තමයි. මම දන්නවා මාත් බොනවා.. ජොයින්ට් එක ගහනවා.. බට් පේවන්න ඕනේ වෙලාවට පේවෙනවා මචන්.. ඔයාගේ කැමැත්ත උඹට මේක කරන්න ඕනේ නම් නවත්තලා ඉතුරැ වැඩ ටිකත් කරලා බලපන්.. අනිවා ඉෆෙක්ට් එකක් තියෙනවා...

5. හැම තිස්සෙම සීන් එකේම ඉදපන්..

අපි කරන්නෙම නැත්තේ ඕක. උඹට දෙයක් කරන්න ඕනෙනම් ඒකට ගෝල් එකක් හදාගනින්.. වටේ ඉන්න එවුන් කියන උට්ටවල් වලින් වැඩක්ම නෑ. අපෝ උඹ කොහොමද ඇග අඩු කරන්නේ. ඕක ලේසි නෑ. අනේ මේ නිකන් ගෙදට්ට වෙලා ඉදපන්.. ඔය වගේ කියන එවුන් ඕවා කියද්දි හිනා වෙලා උඹ වැඩේ කරපන්. උඹ කන්නේ බොන්නේ උඹේ සල්ලි වලින්නම්, උඹේ අම්මටයි තාත්තටයි උඹ කරන දේ ගැන අවුලක් නැත්නම් බය නැතුව වැඩේ කරපන්.. උඹට හරියයි..!!!

ජය වේවා..!! කරලා බලලා ඉෆෙක්ට් එකක් තිබ්බොත් කඩවත හන්දියේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

මහත් වෙන්න ලේසිම විදි 3 ක්..

උස යන්න ඕනේද?

Yamaha FZ 16 (2014) Model Review..!!!