Posts

Yamaha FZ 16 (2014) Model Review..!!!

Image
මුලින්ම කියන්න ඕනේ මේක යමහා FZ බයික් එක Promote කරන්න හදන Review එකක් නෙමේ. මට යමහා එකෙන්වත් යමහා ඩීලර් කෙනෙක් ගෙන් වත් සත පහක් හම්බ වෙන්නේ නෑ. මම මේ දාන රිවිව් එක සම්පුර්ණ මම ලබපු අත්දැකීම් එක්ක පදනම් වුන එකක්. මම මේ බයික් එක ගත්තේ 2015 පෙබරවාරි මාසේ. එතකොට මම ගාව තිබ්බා 2014 ටීවීඑස් අපාචේ බයික් එකක්. ලීස් එකක් එක්ක 50000 ට ගත්තේ. මම වාරික 4 ක් ගෙව්වා. 12000 ගානේ. හයිපර් එජ් කියලා එන්නේ. ඒකක්. ගෙදර හදිසියේ ඇති වුන සල්ලි උවමනාවක් නිසා ඒක විකුනලා රැ. 80000කට සල්ලි ටික ගෙදරට දුන්නා. මම ඉන්නේ කඩවත ඒ වෙනකොට වැඩ කලේ නාවල. හිතහන්කෝ බස් එකේ ඔය දුර යන්න සෙට් වුණාම තියෙන සැප. කරන්න දෙයක් නැ. වෙලාවේ හැටියට කරන්න පුලුවන් දේ මම කලා. හරියටම මාසයක් කෑවා කට්ටක් ඇගේ කිලෝ 8 ක් විතර අඩුවෙන්න. හැමදාම ගෙදර එද්දි රැ 10 විතර වෙනවා. බස් නෑ. පයින් කිලෝමිටර 4ක් ඇවිදලා එනවා. පට්ට චාටරයක් කෑවා. ඉතිරි කරපු සතයක් තිබ්බේ නෑ. හැබැයි බයික් එකක් ගන්න ලොකු ඇම්මක් තිබ්බා. කොහොම හරි එක දවසක් ඉක්මන් එකේ ඇඩ් එකක් දැක්කා කිලෝමීටර 8000ක් පැදලා තිබ්බ FZ එකක්. ඒ දවස්වල මගේ හොදම යාලුවා ගාවත් තිබ්බා FZS එකක්. එයත් ලීස් එකක් දා...

පෙනහලු සුද්ද කරගත්තද?

සිගරට් බොන කස්ටිය ඇතුලු අපි හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් මේක. බයිලා වැඩක් නෑ කොහොමද වැඩේ කරන්නේ..  1. කිරි, චීස්, බටර් ඩේරි ආහාර හැම දෙයක්ම නවත්නන්න. එකෙන් අගේ තියෙන ටොක්සින් ටික ඇගෙන් පිටවෙන් උදව් වෙනවා.  2. කොළ පාට තේ... ඔව් ඔව් GREEN ටී තමයි.. නිදා ගන්න කලින් හැමදාම රෑට කොළපාට තේ කෝප්පයක් ගහලා නිදාගන්න.  3. ලෙමන් ගෙඩි  උදේම උණු වතුර කෝප්පයක් අරගෙන 3/4 විතර වතුර පුරවලා ඉතුරැ 1/4 ට ලෙමන් ජූස් ටිකක් දාලා උදේම කුණු කෙලත් එකක්ම ගසන්න. ගස්ලබුත් වැඩේට හරියනවා.. 4. කැරට් කනවාද? කන එකෙන් වැඩක් නෑ. පුලුවන්නම් උදේ කෑමටයි දවල් කෑමටයි කලින් කැරට් ජුස් විදුරැවක් ගහන්න උත්සහ කරන්න. ජීර්ණ පද්ධතියට වගේම පෙනහලු පද්ධතියටත් පට්ට ඉෆෙක්ට් එකක් තියෙනවා. 5. ඉගුරැ.. උදේට ටී එකත් එක්ක හරි කමක් නෑ, තලලා පොඩි කරලා ගසන්න තමයි තියෙන්නේ තේ බොන හැම වෙලාවෙම. පෙනහලු වන තියෙන සෙම දියවෙන්න හොදම හොද අයිටම් එකක් තමයි ඉගුරැ කියන්නේ. ප්ලේන්ටියට තමයි හොදටම සුට් වෙන්නේ. බට් ප්ලේන්ටි ගහන්නේ නැති පොෂ් පීපල්ලට ටී එකත් එක්කත් ගන්න පුළුවන්..  උත්සහ කරලා බලන්න. එ...

ඔයා හරියට ස්කොට්ස් ගහනවාද?

ස්කොට් කියන්නේ ෆුල් බොඩි වර්ක් අවුට් එකක්. ඔයාගේ කකුල් දෙකෙන් තමයි සම්පුර්ණ වේට් එක උඩටයි පහලටයි ගෙනියන්නේ. ඔයාගේ බඩේ තියෙන මසල්ස් ඒ වගේම පහල කොන්දේ තියෙන මාංශපේෂි වලින් තමයි වේට් එක බැලන්ස් කරන්නේ වේට් එක උඩ පහල ගෙනියද්දි.. ඔයාගේ ඉහළ කොන්දේ තියෙන මාංශපේෂි සහ අත් දෙකෙන් කෙරෙන්නේ ඔයාගේ උරහිසේ තියෙන් බාර් එක බැලන්ස් කරන එක. ඇගේ තියෙන හැම මසල් එකක්ම වගේ මේකෙදි වැඩකරනවා. ඒකයි ඒක ෆුල් බොඩි වර්ක්අවුට් එකක් වෙන්නේ. ඔයා හරියට ස්කොට්ස් ගහනවා නම් ඔයාට කවදාවත් ඔයාගේ දණහිස්වල ඒ වගේම පිටකොන්දේ වේදනාවක් ඇති වෙන්නේ නෑ. ස්කොට්ස් ගහන හරි විදියේ වීඩියෝ එකක් පහලින් දාලා තියෙනවා..!!!

ඉක්මනටම බඩ අඩු කර ගන්න ඕනෙද?

බඩ අඩු කරගෙන සික්ස් පැක් හදා ගන්න දැන් ඉන්න හැමෝම කැමතියි. මම දැන් කියන්න යන්නේ සාමාන්‍ය නමුත් ඉෆෙක්ටිව් විදි කිහිපයකින් බඩේ තියෙන මේද කොටස් ටික ඉවත් කර ගන්න ආකාරයක් ගැන කියලා දෙන්න. 1. ක්රන්චස් කරන එක අද ඉදන්ම නවත්තන්න. මොකා? ඔව් මාත් මුලින්ම හිතුවෙ එහෙම තමා. නමුත් ඇත්තටම නවතම පරීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා ඒ ව්‍යායාමයෙන් සිදු වෙන්නේ බඩේ තියෙන මාංශ පේෂි ශක්තිමත් වෙන එක විතරයි කියලා. මේද තට්ටු දහනය වීමක් වෙන්නේ නෑ. සිදු වුනත් ඒක ඉතාමත් පොඩි කොටසක් විතරයි කියලත්. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ඇබ් කරන්චස් ව්‍යායාමය හරහා කොන්දේ සුලු සුලු ආබාධ ඇති වෙන්නත් පුලුවන් කියලා. 2. ශරීරය ශක්තිමත් කරගන්න. ස්කොට්, ඩෙඩ්ලිෆ්ට් වගේ ව්‍යායාම හරහා ඔයාට පුළුවන් උඩ කියලා තියෙන විදියට ශරීරය ශක්තිමත් කර ගන්න. මොකද හොද වේට් එකක් දාලා ඩෙඩ්ලිෆ්ට් එකක්  ස්කොට් එකක් ගහද්දි තියෙන සැප ගහපු එකා දන්නවා. මොකද මේ ව්‍යායම දෙකම ෆුල් බොඩි වර්ක් අවුට් 2 ක්. එහෙමත් නැත්නම් සරලව කිව්වොත් ඔළුවේ ඉදන් කකුල දෙක දක්වා තියෙන හැම මසල් එකක්ම වැඩ කරනවා. හොද වර්ක් අවුට් එකක් හොදට ටෙක්නික් එකත් එකක් සෙල්ලම් කරන්න හොද ඉෆෙක්ට් එකක් ති...

පිම්පල්ස් වලින් මිදෙන්න විදි 4 ක්...

1. කුරැදු සහ පැණි පිම්පල් වලට දුවන්න දෙන්න පුළුවන් බෙහෙතක් තමයි උඩ දාලා තියෙන්නේ. කුරැදු ටිකක් අරගෙන් හොදට කුඩු කරලා ඒකට පැණි ටිකක් දාලා හොදට තල්පයක් වගේ හදාගෙන රෑ නිදාගන්න කලින් ටිකක් කුරෑලෑ තියෙන තැන් වල ගාන්න. අඩුම ගානේ සති දෙකක් වත් කන්ටිනිව් කරන්න. අද රෑ ගාලා හෙට උදේ හරි යයි කියලා හිතනවා නම්... (#^%*&$#^%$) එහෙම වෙන්නේ නෑ.. 2. දොඩම් ජූස් ඇන්ඩ් දොඩම් පීල්ස් (ලෙලි) දොඩම් වල තියෙන් ඇසිඩ් හා විටමින් සී හොද බෙහෙතක් කුරැලෑ නැවත නොඑන්න. දොඩම් යුෂ ස්වල්පයක් හෝ දොඩම් ලෙල්ලක් අරගෙන කුරැලෑ තියෙන තැන් වල හොදට ගාන්න. අර වගේම තමයි. එක දවසින් රිසාල්ට් ගන්න බෑ. අඩුම සති දෙකක් වත් කරන්න. 3. ගස්ලබු සාමාන්‍ය සයිස් එකේ ගස් ලබ්බක් අරගෙන ඒක දෙකට කපාගෙන එක භාගයක් කාපන්. ඉතුරැ භාගේ ඇට අයින් කරලා හැන්දෙන් පොඩ්ඩක් සුමට කරගන්න මුනේ ගාන්න පුළුවන් ගානට. හරි ඊට පස්සේ මුණ උණු වතුරෙන් පොඩ්ඩක් සෝදගන්න. දැන් විනාඩි 20-30 ක් අතර කාලයක් ගස් ලබු කොටස මුනේ අතූල්ලන්න. පැයි භායක් විතර කරා නම් ඊට පස්සේ උණු වතුරෙන්ම ඒක හෝදලා දැම්මම වැඩේ ඉවරයි. කුරැලෑ අඩු කරන්න හොද විදියක්. උත්සහ කරලා බලන්න. ගෙදරින් ගුටි ...

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පොඩි සයිට් එකක්...

මුලින්ම කියන්නේ ඉන්ටර්නෙට් මනි කාලා තියෙන අයට අනේ දෙයියෝ මේක පොඩි දෙයක් නොදන්න අයට කියලා දෙන්නේ. මම කරලා තියෙනවා. ඩොලර් 6 ක් වගේ හොයලා තියෙනවා හැබැයි දැන්නම් කරන්නේ නෑ. මොකද ඇත්තටම වෙලාවක් නෑ. සයිට් එකේ නම MICROWORKERS කරන්න තියනේනේ හෙන පොඩි වැඩ. ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ මුලින්ම... ඩහ්...  ජීමේල් එකවුන්ට් එකක් හදලා දෙන්න. එයාගේ බඩුවක් ඇමසන් එකේ සර්ච් කරන්න වගේ පොඩි වැඩ තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 3 ක ටාස්ක් එකකට ඒගොල්ලෝ ඩොලර් සත 12 ක් වගේ ගෙවනවා. මේ සයිට් එකේ වැඩ කරලා කාර් වෑන් ගන්න හිතන් ඉන්නවානම් අනේ අම්මේ මෙතනින්ම නවත්තන්න. මෙකෙන් එච්චර ලොකු ආදායමක් ගන්න බෑ. හැබැයි මහන්සි වුනොත් මාසෙකට රැ. 25000ක් වගේ ගානක් හොයන්න බැරිත් නෑ. මම කිව්වට කරන්න එපා. මුලින්ම සයිට් එකේ රිවීව්ස් කියවලා බලන්න. කව්රැත් කියපු ගමන් දේවල් කරන්න එපා. ඔයා ඉස්සෙල්ලා හොයලා බලන්න. වැඩේ ලෙජිට් වගේ නම් කරලා බලන්න. මොකද නැති වෙන්න දෙයක් නෑ නේ. මේක දාලා රෙෆරල් ලින්ක්ස් වලින් ආදායම් හොයන්න උත්සහ කරන්නේ නෑ මන්. අඩුම ගානේ වෙබ් සයිට් එකේ ලිනික් එකවත් දාලා නෑ මන්. ගුගල් කරලා සයිට් එකක් හොයා ගන්න එක අපි හැමෝටම ...

උස යන්න ඕනේද?

1. නින්ද අනිවාර්යයි. උදේට වැඩට ගිහින් පීසී එක ඔබලා වැඩ කරලා හවස ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා රෑ 12 විතර වෙනකම් ඇහැරිලා ඉන්නවානම් ඒක ලොකු පුශ්ණයක්. අලුත්ම රිසර්ච් වලට අනුව ඔයා අඩුම ගානේ පැය 8 ක් වත් නිදා ගන්න ඕනේ. මොකද අපේ ඇස් වලට මොලේට ඇගේ ඇතුලේ තියෙන හැම දේකටම ඇග ඇතුලේ තියෙන හැම දේකටම විවේකයක් ලැබෙන්නේ ඔයා නිදාගන්න වෙලාවට. සෝ නින්ද අනිවාර්යයි. 2. විටමින් ඩී අස්ථි වර්ධනයට අවශ්‍ය එක් සංඝටකයක් තමයි විටමින් ඩී. විටමින් ඩී අපිට ලේසියෙන්ම ලබා ගන්න පුලුවන් මාලු, හත=, බිත්තර, මස් සහ උදේට ලැබෙන හිරි එළියෙන්. 3. කැල්සියම් අනිත් අත්‍යාවශයම සංඝටකය කැල්සියම්. ලේසියෙන්ම ක්ලෝගාඩ් එකක් කෑවනම් හරි. රෙද්ද තමයි. චීස්, හාල්මැස්සෝ, සෝයා, සැමන් මාළු වල කැල්සියම් ගොඩක් අඩංගු වෙනවා. 4. ව්‍යායාම. ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි ව්‍යායාම. බාර් ගහන එකත් හොදයි. ඔයාට පීනන්න පුළුවන්නම් උස යන එක හුගක් ලේසි වෙයි. මොකද පිනද්දි ඇගේ හුගක් මාංශපේෂි අස්ථි ඇදීමකට ලක් වෙනවා. ඒකෙන් උස යන එකට හුගක් බලපානවා. ස්කිපින් රෝප් එකත් ගොඩක් ඉෆෙක්ටිව්. 5. වතුර වතුර කියන්නේ ඔයාගේ ඇගේ හැම දේකටම බලපාන දෙයක්. වතුර බොන එක ගැන අම...